Archive for ජූලි, 2010

රජයේ සේවකයන් හා ජනතාව අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයක්

ජූනී 29 වන දින වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය රජයේ සේවකයන් හා සාමාන්‍ය ජනතාව සම්පූර්ණයෙන්ම අපේක්ෂාභංගත්වයට පත්කල අයවැයකි.

අයවැය යෝජනා හරහා රජයේ සේවකයන්හට කිසි`දු සහනයක් ලබාදී නොමැති අතර, සාමාන්‍ය ජනයාටද කිසි`දු සහන ලබාදීමක් සිදුකර නොමැත.

වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර රජයේ සේවකයන්හට රු.2500රැුු  කින් වැටුප් වැඩි කරන බවට වූ පොරොන්දුව සම්පූර්ණයෙන්ම කඩකරමින් මැතිවරණ වලදී සහයෝගය ලබාදුන් රජයේ සේවකයන්ගේ අපේක්ෂාවන් නොසලකා හැර ඇත.

2006 අයවැය හරහා ආණ්ඩුව ගෙවීමට තීරණය කල ජීවන වියදම් දීමනාවේ මේ වන විට රු.3237රැුු ක හි`ග  මුදලක් රජයේ සේවකයන් හට ගෙවා නොමැති අතර, එම දීමනාව වත් ගෙවීමට අයවැයෙන් යෝජනා කොට නොමැත.

එසේම සාමාන්‍ය ජනයා අද පෙලෙන ජීවන වියදම් වැඩිවීමේ ගැට`ඵවට කිසි`දු සහන ලබාදීමක් සිදුකර නොමැති අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන මත පනවා ඇති බදු බර අඩුකිරීමට වත් කටයුතු කර නොමැත.

අයවැයට පෙර ආණ්ඩුව ගෑස්, පිටි හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බදු පටවමින් ඒවායේ මිල වැඩිකල අතර, ඒ හරහා රජයේ සේවකයන් සාමාන්‍ය ජනයා කබලෙන් ලිපට ඇද දමන ලදී.

අයවැයෙන් කල සහන ලබානොදීම හා අයවැයට පෙර කල බදු වැඩිකිරීම් හා වැටුප් පොරොන්දුව ඉටුනොකිරීම  හරහා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණයෙන්ම පිලිගනිමින් එහි දෙවන හා තුන්වන  වාරිකය ලබාගැනීම සඳහා ජනතාව අමාරුවේ දමා ඇත.

ඒ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ‍්‍රි ලංකා නියෝජිතයා ඊයේ (ජූනි 29* අයවැය ඉදිරිපත් කිරීමට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවෙන් රජයේ ඉදිරි ආර්ථික ක‍්‍රියාමාර්ග පවසමින්  කල කථාවෙන් පැහැදිලි ලෙස ඔප්පු විය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුවට බොරු පොරොන්දු  දී රජයේ සේවකයන් අමාරුවේ දැමීමට හා ජනතාවගේ සහන කප්පාදු කිරීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා වැඩකරන ජනයා පෙලගස්වන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්නෙමු.

රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරිම – ජූනි 28 ප.ව. 3.30 මරදාන දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්විය

පොරොන්දු වු රු.2,500 වැටුප් වැඩිවීම ලබාදෙනු.

ජනාධිපතිවරණයට පෙර රජයේ සේවකයන්ට රු.2,500/= කින් වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරයා හා රජය ප‍්‍රසිද්ධ පොරොන්දුවක් ලබාදෙන ලදී. මෙම වැටුප් වැඩිවීම 2010 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට යෝජීත අයවැය මගින් මාර්තු මස සිට හි`ග වැටුප් ද සම`ග ලබාදෙන බවට ප‍්‍රකාශ කරන ලදී.

මේ වන විට රජය ජූනි මස 29 දින අයවැයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර එම අයවැය තුලින් පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදෙන බව සඳහන් කිසි`දු පැහැදිලි ප‍්‍රකාශයක් සිදුනොකරන අතර, මෙම වැටුප් වැඩිවීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කර නොමැති බව පැහැදිලිය.

රජය නැවතත් ජිවන වියදම ඉහළ දැමීම තුල පොරොන්දු වූ වැටුප් වැඩිවීම කිසිසේත් ප‍්‍රමාණවත් නොවුවද, එම රු.2,500/= හෝ ලබාදීම යම් සහනයකි. එබැවින් මෙම තත්වය පිළිබඳව සමාලෝචනය කර පොරොන්දු වූ වැටුප් වැඩිවීම දිනා ගැනීම සඳහා දෙවන පියවර ලෙස රාජ්‍ය අංශයේ සිය`ඵ වෘත්තීය සමිති හා නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් පවත්වන රාජ්‍ය සේවක පෙත්සම අත්සන් කිරීම හා පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරය 2010 ජූනී 28 වන දින ප.ව. 3.30 ට මරදාන දුම්රියපළ ඉදිරිපිටදී පවත්වන අතර, ඒ සඳහා පහත සඳහන් වෘත්තීය සමිති හා සම්මේලන වල ක‍්‍රියාකාරීන් හා නායකත්වය සහභාගී විය.


x    වෘත්තීය සමිති මහා සම්මේලනය
x    තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය
x    ලංකා ගුරු සංගමය
x    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය
x    ශ‍්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
x    රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
x    ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
x    මාධ්‍ය ඉංජිනේරු වෘත්තීය හා  ටෙලිකොම් ඉංජිනේරු ඩිප්ලෝමාධාරී සම්මේලනය
x    සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය
x    ආණ්ඩුුවේ එක්සත් කම්කරු සම්මේලනය
x    සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
x    දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ
x    රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
x    කම්කරු නිළධාරීන්ගේ සංගමය
x    ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය
x    ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සහයෝගීතා සංගමය
x    රජයේ මුද්‍රණාලීය කාර්මික නිළධාරීන්ගේ සංගමය
x    රජයේ මුද්‍රණාලීය මුද්‍රණ කාර්ය සහායක සංගමය
x    දුම්රිය පොදු සේවක සහයෝගීතා වෘත්තීය සමිතිය
x    දුම්රිය තාක්ෂණ සේවා සහයෝගීතා සංගමය
x    කාර්යාල සේවා වෘත්තීය සමිති එකතුව