Archive for සැප්තැම්බර්, 2010

ඉල්ලීම් දිනන්නට ඔක්තෝම්බර් 27 පැය 3ක් සේවාවෙන් ඉවත් වෙමු

බලධාරීන් විසදුම් පමා කරන්නේනම් නොවැම්බර් 10 අසනීප නිවාඩු
හෙද සේවාවේ මූලික ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා පසුගිය මැතිවරණ සමයට පෙර හා පසුවත් අප සංගමය පාගමන් උද්ඝෝෂණ ආදී වෘත්තීය ක‍්‍රියාමාර්ග රාශියක් අනුගමනය කල අතර, ඊළ`ග පියවර ලෙස අගෝස්තු 18 වන දා සාර්ථක උද්ඝෝෂණයක් ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට පවත්වන ලදි. ඒ සඳහා අප ආරාධනා කලද සමහර සමිති ම`ග හරිද්දී ධෛර්ය සම්පන්නව අප විසින් ඉදිරියට තල්ලූ කල මූලික ඉල්ලීම් කිහිපයක් ජයග‍්‍රහණය කල හැකි තැනකට රැුගෙන යන්නට අපට හැකිවීම සතුටට කාරණයකි.
වසර 12 කින් ෂ ශේ‍්‍රණිය ලබාගැනීම
සමස්ථ හෙද සේවාවටම මෙම ඉල්ලීම් ලබාදීම සඳහා කැබිනට් සංදේශයක් අපගේ ඉල්ලීම මත ජුලි 14 දින කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදි. පරිපූරක සේවාවට ලබා දුන් ආකාරයට වසර 12 සම්පූර්ණ වූ හෙද නිළධාරීන්හට ෂ ශ්‍රේණිය ලබාදීමේ ඉල්ලීම වැටුප් කොමිෂම හරහා භාණ්ඩාගාරයට යොමු කෙරිණි. ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 300 ක මූල්‍ය වාර්තාව අප විසින් සකස් කර අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරයට යවන ලදි. හිග වැටුප් ලබා නොගැනීමට එක්සත් හෙද සංගමය එකගවීම නිසා හෙද සේවාවට හිග වැටුප් නොලැබීමේ අවධානමක් ඇතිවී ඇත. මෙය පිළිබදව සැප්තැම්බර් 29 හෝ ඔක්තොම්බර් 06 දින කැබිනට් මණ්ඩලයේ දී අවසාන තීරණය ගැනීමට නියමිතය.
දින 05 සතිය
හෙද සේවාවට දින 05 සතිය ලබාදීම සඳහා අප සංගමයේ ඉල්ලීම මත අමාත්‍යාංශය විසින් පත්කල කමිටුවේ වාර්තාව මේ වන විට සෞඛ්‍ය ලේකම්ට ලබා දී ඇති අතර, එයට අදාළව ගැට`ඵ නිරාකරණය සඳහා තවත් සාකච්ඡුාවක් කැඳවන ලෙස සෞඛ්‍ය ලේකම් නියෝග කර ඇත.
එක්සත් හෙද සංගමය දින 05 සතිය ලබා දීමට විරුද්ධ බව සෞඛ්‍ය බළධාරීන්ට වාචිකව දන්වා ඇති අතර, එය නැවත වරක් හෙද සේවාව පාවා දීමක් නොවන්නේ ද?
පුහුණුව වසර 3 ඃ කිරීම
උක්ත ඉල්ලීමට සෞඛ්‍ය බළධාරීන් එකග වුවද, වෛද්‍ය සංගමය බරපතල ලෙස විරෝධය පලකිරීම නිසා ක‍්‍රියාත්මක වීම ආපස්සට යන තත්ත්වයක් උද්ගත වී ඇත. මෙය හෙද වයවස්ථා කෙටුම්පතට ඇතුලත් කර ඇති අතර, විරෝධතා පරාජය කර අනුමත කර ගත යුතුය.
අතිකාල පැයට වැටුපෙන් 1/180 ලෙස ලබා ගැනීම
අතිකාල සේවා පැයකට මාසික වැටුපෙන් 1/240 ක් ලෙස දැනට ගෙවන අතර, එය 1/180 ලෙස ගෙවන ලෙස අප ඉල්ලා ඇත. රාජ්‍ය සේවාවට 1/240 ගෙවනුයේ දිනකට පැය 8 ක් සේවය කරන නිසා වන අතර, හෙද සේවාවේ පැය 06 රාජකාරීයට අදාළව 1/180 ලෙස ලැබීම අතිශය සාධාරණය. විශාල මුදලක් අවශ්‍ය බව කියමින් බළධාරීන් මෙම ඉල්ලීම කල් දමමින් පවතින අතර කෙසේ හෝ දිනාගත යුතුය.
හෙද ව්‍යවස්ථා සංශෝධනය
සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කල කෙටුම්පත හෙද සංගම්වලට බාරදී ඇත. එක්සත් හෙද සංගමය විසින් මෙය සංශෝධනය කිරීමට භාණ්ඩාගාර නියෝජිතයන් පටලවා ගෙන සිටීම නිසා සේවයට හානිකර යෝජනාද ඇතුලත් වී ඇත.
 හෙද සේවාවට පිරිමි බඳවා ගන්නා ප‍්‍රතිශතය 20‍්‍ර දක්වා පළමු පියවරේදී වැඩිකරන ලෙස අප ඉල්ලා සිටියෙමු. 5‍්‍ර ක උපරිමයට යටත්ව බඳවා ගැනීම දක්වා එය එක්සත් හෙද සංගමය විසින් කප්පාදු කර ඇත.
 හෙද සේවාවේ උසස් වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග 3 ක් හා තරග විභාගයක් ලෙස විභාග 4 ක් යෝජනා කර ඇත. වාර්ෂිකව ෑඊ විභාගයවත් කල නොහැකි අමාත්‍යාංශය විභාග 04 කින් කෙසේ කරන්නේ ද ? ප‍්‍ර‍්‍රශ්ණයකි
 හෙද අධිකාරී හා හෙද කළමණාකාර යන අප යෝජනා කර ඇති නව තනතුරු වලට වෛද්‍ය සංගමය විරෝධය පල කර ඇත.
 හෙද උපාධිය ලැබු හෙද නිළධාරීන්හට වැටුප් වර්ධක 4 ක් ලබාදෙන ලෙස අප යෝජනා කරන ලදි.
 හෙද සේවාවේ අයිතිකරුවන් යැයි කියන සංගම් විසින් ඉදිරිපත් කර ඇති සමහර හානිකර යෝජනා ද ඇතුලත් කෙටුම්පත කැබිනට් එකට යැවීමට සුදානම් කර ඇත. හෙද සේවාවට හානිකර යෝජනා ඉවත්කර සේවාවේ වර්ධනයට ඉවහල් වන ලෙස කෙටුම්පත සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යුතුය. ඒ සඳහා සංශෝධන යෝජනා අප විසින් බාරදී ඇති අතර, ඒවා ක‍්‍රියාත්මක කරන්නට බලකිරීම වහා කල යුතුය.
හෙද ගුරු සේවාවක් ඇරඹීමට ඇමතිවරයා එකග වුවද ඒ සදහා නිර්දේශ තවම වැටුප් කොමිසමට යවා නොමැත. ඡුඊී විදුහල, ජාතික හෙද අධයාපන ආයතනයක් ලෙස උසස් කිරීම අනුමත වුවද එයට අදාළ නිති පද්ධතීන් සකස් කර නොමැත. ප‍්‍රජා සෞඛ්‍ය හෙද නිළධාරී තනතුර ඇති කිරීමට යැවු කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි.

විරෝධතා හා කඩාකප්පල් කිරීම් පරාජය කර උක්ත ඉල්ලීම් ජයග‍්‍රහණය කරන තැනකට රැුගෙන යාම අද දවසේ අනිවාර්්‍යය අවශ්‍යතාවයක් වන අතර, කමිටු වාර්තා ක‍්‍රියාත්මක කිරීමට, සාකච්ඡුාවලදි එකග වු ඉල්ලීම් ලබාදීමට, විරෝධතා කළමණාකරණය කිරීමට අප විසින් සෞඛ්‍ය බළධාරීන්ට සති 3 ක් කල්් දීමට තීරණය කර ඇත.

අයිතීන් දිනන්නට සටනක් අත්‍යාවශ්‍ය වන අතර එය දේශපාලන පෙනුමකින් කරන්නක් නොවිය යුතු බවද පැහැදිලිය.

ඔක්තොම්බර් 15 දිනට පෙර උක්ත ඉල්ලීම් පිළිබඳව බලධාරීන් පිලිගත හැකි විසදුම් ලබා නොදෙන්නේ නම්

ඔක්තොම්බර් 27 බදාදා
පෙ.ව. 8 සිට 11 දක්වා

සේවාවෙන් ඉවත් වීමටත්
විසදුම් තවදුරටත් පමා කරන්නේ නම්
නොවැම්බර් – 10 බදාදා අසනීප නිවාඩු
දැමීමටත් තීරණය කර ඇත

මෙම ක‍්‍රියාමාර්ග වලට සහයෝගය ලබාදෙන ලෙස අප සියලූ සංගම් වලින් විවෘතව ඉල්ලා සිටින්නෙමු.
හෙද අයිතීන් දිනන්නට – ධෛර්ය සම්පන්නව සටන් වදිමු

සමන් රත්නප‍්‍රිය – සභාපති                                                                          නාලක හෙට්ටිආරච්චි – ලේකම්

නව හෙද පත්වීම් වංචා සහගතව දීමේ සුදානමක්

තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරන ලද හෙද සිසුන් 319 දෙනෙකු මේ වන විට පත්වීම් අපේක්ෂාවෙන් සිටින අතර, ඔවුන්හට පත්වීම් ලබාදීමේදී වංචා සහගත ලෙස පත්වීම් දීමේ සුදානමක් පවතින බව සංගමයට වාර්තා වී ඇත. හෙද සේවාවේ පළමු පත්වීම් ලබා දීම අවසාන විභාගයේදී ලැබු ලකුණු මත සකස් කළ කුසලතා ලේඛනයක් අනුව සිදු කරයි.

මෙම 319 දෙනොගේ කුසලතා ලේඛන තිබුනද එම කුසලතා ලේඛනය ඉවතට දමා බාහිර පුද්ගලයන්ගේ බලපෑම් මත පත්වීම් ලේඛන සකස් කිරීමට අමාත්‍යාංශ බළධාරීන් කටයුතු කරමින් සිටී.

මෙය බරපතල වැරද්දක් වන අතර, ඒ නිසා හෙද සිසුන් විසින් දක්ෂතාවය මත මහන්සිවී ලබා ගත් කුසලතාවය අවලංගු වන අතර, පත්වීම් ලබා දීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියද අමු අමුවේ උල්ලංඝණය වනු ඇත.

රාජ්‍ය සේවාවේ හා සෞඛ්‍ය සේවාවේ පවතින හා පිළිගත් නිති රීති අනුගමනය නොකර මෙවැනි ආකාරයේ බරපතල වැරුද්දක් සිදුවීම වහාම වලක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

එසේ නොවන්නේ නම් මෙම නිතීය වල්වැදීමේ ක‍්‍රියාවට එරෙහිව වෘත්තීමය විරෝධතා ඇරඹීමට සිදුවන බවද අවධාරණය කරන්නෙමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය