Archive for අගෝස්තු, 2010

පොරොන්දු වු වැටුප් වැඩිවීම ලබාදීම හා වැටුප් විෂමතා ඉවත් කිරීම රජය වහා කළ යුතුයි

2010 ජූලි 28 දින ජනාධිපතිවරයා විසින් පොදුවේ වෘත්තීය සමිති කැදවා පැවැත් වු සාකච්ඡුාවේ දී වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් පොරොන්දු වු රු. 2500/- වැටුප් වැඞීවීම ලබා දෙන ලෙසත් සියලූ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින ලදී.

එම රැුස්වීමේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීමට ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශ අයවැය සමග කි‍්‍රයාත්මක කිරීමට එකග විය.

මෙම වැටුප් පොරොන්දු හා විෂමතා වලට අදාලව මූලික යෝජනා 3ක් ක‍්‍රියාත්මක කළ යුතු බව අප රජයට අවධාරණය කරන්නෙමු.

1. මැතිවරණයෙදි පොරොන්දු වු රු.2500/- වැටුප් වැඩිවීම අයවැයෙන් ලබා දීම
2.
I. වැටුප පියවරෙන් පියවර පරිවර්තනය කරමින් රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 06/2006/ෂඪ විෂමතා ඉවත් කිරීම කළ යුතුය
II. උපරීමයේ රැු`දි සිටීමේ වැටුප් වාසි සියලූ සේවකයන් හට ලබා දීම කල යුතුය
III. කම්කරු හා ස්ථිර ලේකම් අතර වැටුප් වර්ධක අනුපාතය 1ඃ8 දක්වා අඩු කිරීම කළ
යුතුය

3. සේවාවන් වල බදවා ගැනීමේ පටිපාටි සකස් නොකිරීම නිසා සියලූ වැටුප් චක‍්‍රලේඛ
කි‍්‍රයාත්මක වීම ඇනහිට ඇති බැවින් මාස 2 ක් තුළ බදවා ගැනීමේ පටිපාටි සකස් කළ
අවසාන කිරීම කළ යුතුය.

උක්ත යෝජනා අයවැය සමග කි‍්‍රයාත්මක කරන ලෙස රජයට බල කර සිටින්නෙමු.

සමන් රත්නප‍්‍රිය

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේ දී අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු සංශෝධන මොනවා ද? එයට අදාලව කම්කරු පන්තියේ වගකීම

ඉහත සදහන් මතෘකාව යටතේ වෘත්තීය සමිති මහා සම්මේලනය සංවිධානය කරනු ලබන සංවාදාත්මක මාසික අධ්‍යාපනික වැඩසටහන,

දිනය – 2010-08-31
වේලාව – ප.ව 3.30 සිට – 5.30 දකිවා
ස්ථානය – රාජගිරිය MDDR හි TUC කර්්‍යාලීය ශ‍්‍රවණාගරයේදී

විශේෂ ආරාධිත දේශනය – එස්.ජී. පුංචිහේවා මහාතා

මේ සදහා සහභාගි වන ලෙස ඔබ වෘත්තීය සමිතියට සහෝදරත්වයෙන් දන්වා සිටිමු.

ස්තූතියි
මෙයට සහෝදරත්වයෙන්

අධ්‍යාපන කමිටුව,
නිශාන්ත දේශප‍්‍රිය.            (ල.ගු.සං)
එම්. විජේන්ද්‍ර                     (ස.ලං.එ.ධී.ජ.වෘ.ස)
රවින්ද්‍ර සේනක ජයරත්න (ශ‍්‍රී.ලං.ම.සෞ.ප.ස)